ස්විට්සර්ලන්තයේ සූරිච් සිට කටුනායක තෙක් නව ගුවන් සේවයක් ආරම්භ කොට තිබේ.එහි ප්‍රථම ගුවන් යානය අද (10) දහවල් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇති අතර මෙම ගුවන් සේවාව ස්විට්සර්ලන්තයේ සුරීච් ජාත්‍යන්තර ගුවන් තොටුපල සහ කටුනායක ගුවන් තොටුපළ අතර ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බව සඳහන් ය.එම ගුවන් යානය මෙරටට පැමිණියේ එරට සංචාරක ගුවන් මගීන් 125 දෙනෙකු සමඟිනි.