සපුගස්කන්ද අවදානමක

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සිදුකරන පිරිපහදු නිෂ්පාදන ගබඩා කිරීමට හැකියාව නොමැති වීම හේතුවෙන් ඉන්ධන පිරිපහදුව යළිත් වරක් වසා දැමීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.

මෙම වසරේ පස්වන වරටත් ඉන්ධන පිරිපහදුව වසා දමා දැනට දින කිහිපයකට පෙර යළි එහි වැඩ කටයුතු ආරම්භ කරනු ලැබීය.

මෙම වසරේ අවස්ථා කිහිපයක දී ඉන්ධන පිරිපහදුව වසා දැමීමත්, යළි ආරම්භ කිරීමත් හේතුවෙන් මේ වන විට පිරිපහදු නිෂ්පාදන ගබඩා තුළ ගොඩගැසී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ යළිත් වරක් පිරිපහදුව වසා දැමීමට සිදුවනු ඇති බවට ද වෘත්තීය සමිති සඳහන් කළේය.

කාලීන පුවත්