උසස් පෙළ උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

ලබන 23 වනදා ආරම්භ වීමට නියමිත පසුගිය වසරට අදාළ උසස් පෙළ විභාගය ඉලක්ක කරගනිමින් උපකාරක පන්ති පැවැත්වීම සහ මෙහෙයවීම අද (17) මධ්‍යම රාත්‍රියෙන් තහනම් වෙයි.

ලබන මස 17 වනදා දක්වා මධ්‍යස්ථාන 2,200ක දී උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා සුදුසුකම් ලබා ඇති අපේක්ෂකයින්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ තිස් එක්දහස් හත්සිය නමයක්.

කිසියම් පුද්ගලයෙකු, ආයතනයක් ‍හෝ වෙනත් පාර්ශවයක් මෙම නියෝග නොසළකා කටයුතු කළහොත් දැඩි නීතිමය පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

එවැනි ආකාරයේ උපදෙස් කඩකිරීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව පොලීසිය හෝ 1911 විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය අමතා දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී අමිත් ජයසුන්දර මහතා දැනුම්දෙයි.

කාලීන පුවත්