පරාජයට බිය බියගුල්ලන් ලෙස ඉතිහාසගත නොවී ඡන්දය තියන්න

තමන් පරාජයට බිය බියගුල්ලන් කොටසක් ලෙස ඉතිහාසගත වීම වළකාගැනීම පිණිස මේ වන විට ප‍්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධා නොකරන ලෙසත්, ඊට අවශ්‍ය සියලූ‍ පහසුකම් සපයාදීමට කටයුතු කරන ලෙසත් කොළඹ අගරදගුරු මැලකම් කාදිනල් රංජිත් හිමිපාණෝ රජයෙන් ඉල්ලා සිටිති.උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ ඡුන්දය කල් දැමීමට හේතුව මේ වන විට රජය කෙරෙහි නැගී එන ජනතා අප‍්‍රසාදය නම් එයට මුහුණදීමට හා එම ප‍්‍රතිඵල අනුව වෙනස්වීමට ඔවුන් නිහතමානී විය යුතු බවකි..එමෙන්ම තමන් පරාජයට බිය බියගුල්ලන් කොටසක් ලෙස ඉතිහාසගතවීම වළකාගැනීමට තරම් බුද්ධියක් අප රටේ නායකයන් සතුව ඇතැයි තමන් සිතන බව ද අගරදගුරුතුමන් නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

කාලීන පුවත්