රනිල් ජනපති කොට රට ගොඩ ගැනීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණයක්

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවර වෙමින් පැවතීම ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයන් පැමිණීම බහුල වීම විදේශ ගත ශ්‍රී ලංකිකයන් ගෙන් ලැබෙන විදේශ විනිමය ඇතුළු විදේශ විනිමය උපායන මාර්ග සාර්ථ්ක වීම සහ ආර්ථික උද්ධමනය අවප්‍රමාණ වීම දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලද ජයග්‍රහණයක් බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් බණ්ඩාර මහතා කියයි.හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති කළ මානසික පීඩනය නිසා ඒ මහතා ජනාධිපති පදවියෙන් ඉවත් වූ පසු රට දේශපාලන සහ ආර්ථික වශයෙන් ස්ථාවර කිරීමට පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන රනිල් වික්‍රමසිංහ මහතාට ජනපති පදවිය භාරකිරීම දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගත් නිවැරදි තීන්දුවක් බව මේ වන විට සනාථ වෙමින් පවතින බව ද ඒ මහතා කීය.

කාලීන පුවත්