මාතර මාකුඹුර ලංගම අධිවේගී බස් වලට හොර ටිකට් දීලා

මාතර මාකුඹුර ලංගම අධිවේගී බස් රථවල මඟීන් 34 දෙනෙකු සඳහා ව්‍යාජ ප්‍රවේශපත්‍ර ලබාදීමේ ජාවාරමක් හෙළිදරව් වී තිබේ.ඒ එක් ප්‍රවේශ පත්‍රයක් රුපියල් 1,200ක් වන අතර එවැනි ප්‍රවේශපත්‍ර මඟීන් 34 දෙනෙකු සඳහා ව්‍යාජ ප්‍රවේශපත්‍ර ලබා දීම සම්බන්ධයෙනි.එය කවුරුන් විසින් කරන ලද්දක් ද යන්න පිළිබඳව විමසීම සඳහා පරීක්ෂණ රහස් පොලීසිය මඟින් දැනටමත් සිදු කරන අතර ප්‍රවාහන අමාත්‍යංශය කියා සිටියේ දැනට අධ්වේගී මාර්ගවල ගමන් ගන්නා ලංගම බස් රථ සඳහා ප්‍රවේශපත්‍ර ලබාදීම ගමන ආරම්භයේ දී පමණක් සිදු වනු ඇති බවයි.එමෙන්ම සියළු ලංගම බස් රථ සහ දුම්රිය සඳහා ඊ ප්‍රවේශපත්‍ර ඉදිරි තෙමස තුළ හඳුන්වා දීමට නියමිත බව ද ප්‍රවාහන අමාත්‍යංශය කියයි.

කාලීන පුවත්