මේ වන විට ඉන්ධන මිල ගෑස් සහ මේ මාසයේ සිට විදුලි බිල යම් ප්‍රමාණයකට අඩුවී ඇතත් ඒ සම්බන්ධ මූල්‍ය සහනය ජනතාවට හිමි නොවීම සම්බන්ධයෙන් රජය වගකිව යුතු බව මේ වන විට විවිධ පාර්ශව විසින් පෙන්වා දී තිබේ.මේ වන විටත් බොහෝ වෙළඳුන් විදුලි බිල,කඩ කුලී සේම අධික වර්ෂාව සුළඟ ආදී හේතු ද ඉදිරිපත් කරමින් වෙළෙඳුන් ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩවලට හිතූ හිතූ මිල ගණන් අය කරන බව පවසන පාරිභෝගික ජනතාව මේ තත්වය රජය විසින් වහා වළකාලිය යුතු බව අවධාරණය කරති.ඉන්ධන ගෑස් විදුලිය මිල කොපමණ අඩු කළත් පාරිභෝගික භාණ්ඩ මිල නියාමනයට විද්‍යාත්මක ක්‍රමවේදයක් පදනම් කර ගත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන්නේ නම් ජනතාවට ඒ සහනය නොලැබෙන බවත් පාරිභෝගික අධිකාරිය ද ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක විය යුතු බවත් ඔවුහු පෙන්වා දෙති.මේ අතර පාරිභෝගික ආරංචි මාර්ග පවසනුයේ පසුගිය කාලයේ රට තුළ හටගත් මූල්‍ය අර්බුදය සහ කොවිඩ් වසංගතය නිසා ඇති වූ ආර්ථික පසුබෑම පාරිභෝගිකයන් කෙසේ වෙතත් වෙළඳ ප්‍රජාව පමණක් වේගයෙන් යථාවත් කරගනිමින් හිඳින බවකි.ඒ අනුව එම සහනය පාරිභෝගිකයන් වන රටේ මහජනතාවටත් හිමි විය යුතු බව ඔව්හු පෙන්වා දෙති.