පාර්ලිමෙන්තු මන්ත්රී වරුන් සඳහා වන නුවරඑළිය ජෙනරල් හවුස් නිවාඩු නිකේතනයේ පසුගිය සතියේ දිනෙක නවාතැන් ගැනීමට ගිය මන්ත්රීවරයෙකුගේ හිතවතුන් පිරිසක් එහි පාලකයන් විසින් ආපසු හරවා යවා ඇති බව වාර්තා වෙයි.ජෙනරල් හවුස් නිවාඩු නිකේතනයේ ලැඟුම් ගැනීම හැකියාව ඇත්තේ මන්ත්රීවරයකුට හෝ මන්ත්රී වරයකු සමග පැමිණෙන පවුලේ ඥාතීන්ට පමණකි.නුවරඑළියේ ජෙනරල් හවුස් නිවාඩු නිකේතනයේ වෙන් කර ගැනීමෙන් පසු අදාළ මන්ත්රීවරයා අනිවාර්යෙන්ම එහි සිටිය යුතු බවට වූ නීතිය පාර්ලිමේන්තු ප්රධානීන් විසින් පණවනු ලැබුවේ මේ මෑතකදීය.ඇතැම් මන්ත්රීවරුන්ගේ හිතවතුන් මෙම නිවාඩු නිකේතනය වෙන් කරගෙන එහි ලැඟුම්ගෙන සිටි මන්ත්රීවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට හිරිහැර වන අයුරින් හැසිරී ඇති බවට මන්ත්රීවරුන් පිරිසකගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු ප්රධානීන් මෙම තීරණය ගෙන තිබේ.මෙම ගැටළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී පසුගියදා දීර්ඝ සාකච්ඡා කර ඇති බව සඳහන් ය.පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වෙනුවෙන් පිට පළාත්වල ඇති එකම නවාතැන් බංගලාව වන කාමර දහනවයක ජෙනරල් හවුස් නිවාඩු නිකේතනය පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සමග පැමිණෙන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ පරිහරණය සඳහා රුපියල් 1000කට ලබා ගත හැකිය.