විනය චෝදනා හතරක් මත රතන හිමියන් පක්ෂයෙන් නෙරපයි අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පක්ෂයේ නෙරපීමට එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව තීන්දු කර ඇත.ඒ බව එම පක්ෂයේ ජාතික සංවිධායක ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.පක්ෂයේ විනයමණ්ඩලය විසින් කරන ලද විනය පරීක්ෂණයක් මඟින් රතන හිමියන් චෝදනා 04කට වැරදිකරු බව තහවුරු වීමෙන් පසු ඒ හිමියන් පක්ෂයෙන් නෙරපීමට නිර්දේශ කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
ඒ බව පක්ෂ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම් සභාවට ද දැනුම් දී ඇති බව සඳහන්වේ.මැතිවරණ කොමිසමේ සභාපති ජ්‍යේෂ්ඨ නිතීඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඊයේ(15) දිනයේදී කොමිසම් සභාවට මේ බව දැනුම් දී ඇති බවයි.නමුත් රතන හිමියන් වැරදි කරු බවට පත් කළ විනය චෝදනා මොනවා දැයි අනාවරණය වී නැත