වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු අටම විවෘත වෙයි

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන ධාරනිපාත වර්ෂාවත් සමඟ වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු අටම ඊයේ (31) ස්වංක්‍රීයව විවෘත විය. මෙලෙස ජලාශයේ වාන් දොරටු සියල්ලම විවෘත වූයේ වසර දෙකකට පසුවයි.

වාන් දොරටු 08 න් තත්ත්පරයට ඝන මීටර් 150ක ජල ධාරිතාවයක් මුදා හැරෙන බව වික්ටෝරියා ජලාශයේ ඉංජිනේරු සාලිය රත්නායක මහතා පැවසීය. කඳුකරයට ඇද හැලෙන ධාරානිපාත වැසි හේතුවෙන් ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු විටින් විට විවෘත වන බැවින් ජලාශය පහළ මහවැලි ගංගාව පරිහරණය කරන පිරිස් දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා පවසයි.

කාලීන පුවත්