කොළඹ වරාය වෙත යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීමෙන් පසුගිය මාර්තු මාසයේදී කඩා වැටුණු අමෙරිකාවේ බැල්ටිමෝර් නුවර ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමෙහි සුන්බුන් සහ ඉතිරි කොටස් සම්පූර්ණයෙන්ම පුපුරුවා හැර පැටප්ස්කෝ ගංගාවේ මාර්ගය විවර කිරීමට බලධාරින් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙරිලන්ඩ් වරායේ සිට භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ප්‍රවාහන කටයුතු සඳහා ෆ්‍රැන්සිස් ස්කොට් පාලමෙහි සුන් බුන් බාධකයක් ව තිබූ බවත් ඒවා ඉවත් කොට පැටප්ස්කෝ ගංගාවේ මාර්ගය විවර කිරීම සඳහා මේ පියවර ගෙන තිබූ බවත් වාර්තා වේ.