දුම්රිය දැන් අත්‍යවශ්‍ය සේවයක්; වර්ජනය කළොත් ගෙදර තමයි

දුම්රිය සේවය මේ වන විට අත්‍යවශ්‍ය සේවයක් බවට ගැසට් පත්‍රයක් මඟින් නීත්‍යානුකූල කොට ඇති බැවින් දුම්රිය සේවකයින් තවදුරටත් වැඩ වර්ජනයක නියැලුණහොත් එම සේවකයින් සේවය අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරන බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.තම වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සොයනු වෙනුවට මහජනතාව ඇපයට තබා සිදු කරන වැඩ වර්ජන මින් ඉදිරියට කෙසේවත් සිදු නොවන බව ද ඇමති වරයා කීය.ඔහු මේ බව සඳහන් කලේ හැටන් දුම්රිය ස්ථනය සතු භූමියේ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල මඟින් දුම්රිය දෙපාර්තුමේන්තුව අදායම් උපයා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට අද (20) එහි කළ චාරිකාවක දී ය.

කාලීන පුවත්