සොල්දාදුවෙකු පෙර ගමන් කරන සමාජ ලොව කිසි තැනක දියුණු වී නැහැ

සොල්දාදුවෙකු පෙර ගමන් කරන සමාජ හෝ සොල්දාදුවන් පාලනය කරන, හමුදා පාලනය තියෙන රටවල් ලෝකේ කිසි තැනක දියුණු වී නැතැයි හිටපු යුද හමුදාපති ජෙනරල් දයා රත්නායක මහතා පවසයි. එමෙන්ම යුද්ධ ඇති වන්නේ විද්වතුන්ගෙන් සමන්විත සමාජය පෙර ගමන්කරුවෙකු ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් යැයි ද ඔහු සඳහන් කළේ ය.“උසස් සමාජය සම්බන්ධ වෙලා, ඇකඩමික් සමාජය සම්බන්ධ වෙලා විද්වතුන් සම්බන්ධ වෙලා සමාජයක පෙර ගමන්කරුවා වන්නට ඕනේ. ඒ පෙරගමන් කරුවා නොවී සිටීම තුළ තමයි සොල්දාදුවා පෙරගමන් කරුවා කරලා යුද්ධ කරන්නේ. සොල්දාදුවෙක් පෙර ගමන් කරන සමාජයක් කවදාවත් ලෝකේ දියුණු වෙලා නෑ. සොල්දාදුවෝ පාලනය කරන රටවල් හමුදා පාලනය තියෙන රටවල් ලෝකේ කිසි තැනක දියුණු වෙලා නෑ. ඒ නිසා ඒ කට්ටියට කරන්න පුළුවන් වෙන වැඩ තියෙනවා. එත්,මේ වගේ දේවල් නොවේ.”යැයි ද ජෙනරල් දයා රත්නායක මහතා කීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, පසුගිය දා පැවති උත්සවයකදී ය. ශ්‍රී ලංකා යුද හමුදාවේ විසි වෙනි හමුදා පති වරයා වූ ජෙනරල් දයා රත්නායක මහතා මේ වන විට කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ලෙස කටයුතු කරයි.

කාලීන පුවත්