තැපැල් සේවකයන්ගේ වෘත්තීය ගැටලු විසඳීමට රජය නිසි අවධානය යොමු නොකරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවීමට සිදුවනු ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
මෙමස 19 වැනිදායින් පසුව සිය ගැටලුවලට ස්ථිර විසඳුමක් නොලැබෙන්නේ නම් දැනුම් දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට සිදුවන බවද එම පෙරමුණේ නියෝජිතයෝ කියා සිටිති.
කොළඹදී පෙරේදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව අනාවරණය කළේය.