ඊයේ(20) රැස් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභාව දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව අද ((21) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කරන ලද බවට එම සංගමය මාධ්‍ය නිවේදනයක් මඟින් දන්වා තිබේ.
තමන් එම දීප ව්‍යාප්ත වෛද්‍ය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූයේ වෛද්‍යවරුන්ගේ මාරු මණ්ඩල වල අනුමැතියෙන් තොරව සෞඛ්‍ය අමාත්‍යංශය අත්තනෝමතිකව වෛද්‍ය අනුයුක්ත කිරීම් සම්බන්ධයෙන් බව ද එම නිවේදනයේ දැක්වෙයි.
එහි මූලික පියවරක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ(20) දිස්තික් 5ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන ලදී.කෙසේ නමුත් දිවයින පුරා සියලුම රෝහල් වල වෛද්‍යවරුන් අදාළ රෝහල් වල හදිසි ප්‍රතිකාර සේවා කටයුතු කිරීම අවහිරයකින් තොරව අඛණ්ඩව සිදු කිරීමට කටයුතු කරන බව ද එම සංගමය දන්වයි..
මීට අමතරව සේවාවන්හි සුවිශේෂී බව සලකා මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල් හා වකුගඩු රෝගී ප්‍රතිකාර ඒකක වල මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන අතර කොවිඩ් ප්‍රතිකාර සේවා හා කොවිඩ් එන්නත්කරණය කිසිදු බාධාවකින් තොරව පවත්වා ගෙන යනු ඇත.
ඉහත කරුණට අමතරව ඊයේ රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභාව පහත ගැටළු නිරීක්ෂණය කරන ලද බව ද පැවසෙයි.
1. නීත්‍යානුකූල වෛද්‍ය මාරු මණ්ඩල වල අනුමැතියෙන් තොරව විශේෂඥ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තු සැකසීම.
2.නීත්‍යානුකූල වෛද්‍ය මාරු මණ්ඩල වල අනුමැතියෙන් තොරව ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ අනුයුක්ත කිරීම් සිදු කිරීම.
3. 2022 වාර්ෂික ස්ථානමාරු ලැයිස්තුව ප්‍රකාශයට පත් නොකිරීම.
4. රාජිත සේනාරත්න වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ නිවැරදි ක්‍රමවේදයෙන් තොරව සිදු කළ කාරණා නිවැරදි කිරීමට ලබාදුන් කැබිනට් අනුමැතිය ක්‍රියාත්මක නොකිරීම.
5. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිළවරණයට අදාල ගැසට් පත්‍රය නිකුත් නොකිරීම.
6. ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝණය කිරීම.
7. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ලිපි ශීර්ෂය භාවිතා කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ කාණ්ඩ අතර ගැටළු ඇති වන ලෙස වැටුප් සම්බන්ධ ප්‍රතිපත්ති උල්ලංඝණය කිරීම.
නමුදු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට අදාළ තනතුරු දැරීම වළක්වාලමින් මොරටුව දිසා අධිකරණය පසුගිය ජූලි 22 වන දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මොරටුව දිසා අධිකරණයට ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මෙම නඩුව ගොනු කොට ඇත්තේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් 19 දෙනෙකුට එරෙහිව ය.
වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු පිරිස පසුගිය වසර පහක පමණ කාලයක සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලතල දරමින් නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමට අපොහොසත් වී ඇති බව එම පැමිනිල්ලෙහි දැක්වෙයි.
මෙවර ද සෞඛ්‍යමය හේතූන් මත නිලවරණය කල් දැමූ බවත් වෛද්‍ය පාදෙණිය මහතා ඇතුළු පිරිසට එම තනතුරේ සිටීමට සිදුවූ බවත් ජයරුවන් බණ්ඩාර මහතා සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත.
නමුදු මේ සම්බන්ධ තවත් පාර්ශවීය අදහසක් වන්නේ එම සංගමය අධිකරණයට අභියෝග කරමින් අධිකරණ තීන්දු නොසලකමින් රටේ නීතිය තුට්ටුවකට මායිම් නොකරමින් තවදුරටත් බලහත්කාරයෙන් කටයුතු කරන බව ය,එමෙන්ම රටේ ජනතාව අන්ත අසරණව සිටින මෙවන් මොහොතක , ජනතාව මෙන්ම රජය ද අපහසුතාවට පත් කරමින්, නීත්‍යානුකූලව වෘත්තීය සමිති බලයක් නොමැතිව වෛද්‍ය පාදෙණිය මහතා තවදුරටත් එහි සභාපති ලෙස ව්‍යාජව හා වංචනික ලෙස පෙනී සිටිමින් වෛද්‍යවරුන්ව අත්තනෝමතික ලෙස අද වැඩ වර්ජනයකට එකකට ඇද දැමීමට ක්‍රියා කිරීම සේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලිපි ශීර්ෂය භාවිතා කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහිව ලිපියක් යැවීම පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආයතන සංග්‍රහයේ රීතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධව ද විනය පරීක්ෂණයක් සිදු කළ යුතු බව ද එම පාර්ශවය පෙන්වා දෙයි.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටිනුයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාෆියා සංවිධානයක් ලෙසට පුළුල් වීමට ඉඩ කඩ ඇති බවකි.
අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ට තම රාජකාරිය ඉටු කිරීමට බාධා කිරීම් හා තම අරමුණු ඉටු කර ගැනීමට රාජ්‍ය නායකයන් වෙතින් එම නිලධාරීන් පොළඹවා ගැනීම පසුගිය කාලය පුරාම දක්නට ලැබුණු බව එම සංගමය කියයි.
වත්මන් රජය යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම පරිපාලන කටයුතු මෙම මාෆියා සංවිධානයට භාර දී ඇති බව පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය, ජනාධිපති වරයාට පවසා සිටිනුයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මස් රාත්තලම ඉල්ලා සිදු කරනු ලබන ඉල්ලීම් හොඳින් හෝ නරකින් ජනතාව මරණ මංචකයට ඇදගෙන යාමක් බවය.
ඔවුන් මෙලෙස තර්ජන ගර්ජන කරනුයේ තම අරමුණු ඉටු කර ගැනීමේ අරමුණින් මිස පොදු වෛද්‍ය වරුන්ගේ හෝ මහජනතාවගේ යහපත උදෙසා නොවන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් ජනාධිපති වරයා වෙත යැවූ ලිපියේ සඳහන් වේ.