ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ත්රිරෝද රථ ගාස්තු ඉහළ නැංවීම පිළිබඳ විවිධ මත පළ වුව ද එහි නව මිල ගණන් පළමු කිලෝ මීටරයට රුපියල් හැටක් සහ ඊළඟ දුර ප්රමාණය සඳහා එක් කිලෝ මීටරයකට රුපියල් පනහක් වශයෙන් පමණක් මිල ඉහළ නැංවෙනු ඇතැයි සමස්ත ලංකා ත්රිරෝද රථ රියැදුරන්ගේ සහ හිමි කරුවන්හේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා කියයි.එහි දී ඔහු වැඩි දුරටත් කියා සිටියේ ත්රිරෝද රථ ධාවනය කරන වෘත්තීය කුලී රථ රියැදුරන් නොවන පුද්ගලයන් මගීන්ගෙන් අයථා ලෙස මුදල් අය කිරීම කවදත් සිදු වූ බැවින් තම ගමන් බිමන් සඳහා වෘත්තීය කුලී රථ සේවය සඳහා යොදවා ඇති ත්රිරෝද රථයක්ම තෝරා ගැනීම මඟීන් සතු වගකීමක් බව ය.එමෙන්ම මෙම නව ත්රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් ත්රිරෝද රථ මීටර් සපයන ආයතන ද දැනුවත් කොට ඇති අතර එම මීටර් වලින් පෙන්නුම් කෙරෙන නව ගාස්තු සංශෝධන ද ඉහත මට්ටමින් ඉහළ නොයනු ඇතැයි සභාපති වරයා කියයි.මෙම ත්රිරෝද රථ ගාස්තුව කලින් පැවතියේ පළ මු කිලෝ මීටරයට රුපියල් පනහක් හෝ හැටක් වශයෙන් හා දෙවන කිලෝ මීටරයේ සිට රුපියල් හතලිස් පහක් වශයෙනි.