මහනුවර නගරය හා ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාව තුළ මහනුවර නගරය හා ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.

ඒ මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැකීමේ අවස්ථාවට එක්වෙමිනි.එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ කාල සීමාව තුළදී ජනතාවගේ යටිතල පහසුකම් වෙනුවෙන්ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

සිරි දළදා වන්දනාව ලබන 18වනදා සිට 27වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

කාලීන පුවත්