භාරත ගීත කෝකිලාවිය අන්තිම ගමන් යයි

අභාවප්‍රාප්ත භාරතීය ගීත කෝකිලා ලතා මංගේෂ්කාර්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඊයේ(06)සවස මුම්බායි හි ශිවාජි උද්‍යානයේ දී සිදු කෙරිණ.දේහය වසා තැබුණු ඉන්දීය ජාතික ධජය අවසන් කටයුතුවලට පෙර පවුලේ ඥාතීන් වෙත භාර දෙනු ලැබිණ. ලතා මංගේෂ්කාර්ගේ සොහොයුරු හදවත්නාත් මංගේෂ්කාර් විසින් සෑයට ගිනි දල්වන ලදී.ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා ශිවාජි උද්‍යානයට ගිය අගමැති නරේන්ද්‍ර මෝදි මංගේෂ්කාර් පවුලේ සාමාජිකයන් හමුවී ඔවුන් අස්වසාලන ලදී. අවමංගල්‍යයට පෙර ඔහු එම ස්ථානයෙන් පිටව ගියේය.ඊට පෙර දින අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් තුළ “වචනයට නැංවිය නොහැකි වේදනාවක්” ඇති බවයි.ඇය අපේ ජාතියට පිරවිය නොහැකි හිස්තැනක් තබයි. ඉදිරි පරම්පරාවන් ඇයව සිහිපත් කරනු ඇත්තේ ඉන්දියානු සංස්කෘතියේ ප්‍රබල චරිතයක් ලෙසය, ඇගේ මධුර කටහඬට මිනිසුන් වසඟ කිරීමේ අසමසම හැකියාවක් ඇත,” නරේන්ද්‍ර මෝදිගේ ට්විටර් සටහනේ දැක්වෙයි.
මේ අතර කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි පැවසුවේ ඇය “දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ වඩාත්ම ආදරණීය කටහඬ ලෙස රැඳී සිටි අතර ඇයගේ අමරණීය ස්වර්ණමය හඬ ඇගේ රසිකයින්ගේ හදවත් තුළ නිරතුරුවම දෝංකාර දෙනු ඇති බවයි.

කාලීන පුවත්