ශ්‍රී ලංකා මහබැංකුව භාරයේ ඇති මෙරට රන් සංචිතයෙන් තවත් කොටසක් අලෙවි කොට ඇති බව වාර්තා වෙයි. ඉකුත් ජනවාරි මාසයේ මෙරට ආර්ථික සංඛ්‍යාලේඛන දත්තවලට අනුව රන් සංචිතය ටොන් 3යි දශම එකේ සිට ටොන් එකයි දශම 6 දක්වා පහත වැටී ඇති අතර ඒ අනුව සමස්ත රන් සංචිත වල මුළු වටිනාකම පසුගිය වසරේ දෙසැම්බර් මාසය අවසානයේ පැවති ඩොලර් මිලියන 175 සිට ඩොලර් මිලියන 92 දක්වා පහත වැටී තිබේ.පසුගිය දෙසැම්බර් මාසයේදී මෙරට රන් සංචිතයෙන් කොටසක් අලෙවි කොට ඇති අතර රන් සංචිතයෙන් ටොන් එකයි දශම 5ක් පමණ විසින් ජනවාරි මාසයේ දී අලෙවි කොට තිබේ.වත්කම්වල ද්‍රවශීලතාව ඉහළ නැංවීම රන් සංචිත අලෙවි කිරීමේ මූලික අරමුණ බව මහ බැංකුව පවසයි.