වර්ජනයෙන් පීඩාවට පත් රෝගීන්ට ඔසුසල් වලින් නොමිලේ බෙහෙත්

සෞඛ්‍ය වැඩවර්ජනය හේතුවෙන් පීඩා විඳින රෝගීන්ට රජයේ රෝහල්වලින් නිකුත් කරන ඖෂධ වට්ටෝරු සදහා නොමිලේ ඖෂධ සැපයීමට රාජ්‍ය ඖෂධ සංස්ථාව ඉදිරිපත් ව තිබේ. සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් අනුව එම ක්‍රියාමාර්ගය ගත් බව සංස්ථාවේ වැඩබලන සභාපති වෛද්‍ය ඩීඩ් බී. සමරසිංහ මහතා පැවසීය. ඒ අනුව රජයේ රෝහල්වලින් රෝගීන්ට නිකුත් කරන ඖෂධ වට්ටෝරුවල සදහන් ඖෂධ දිවයිනපුරා ඇති ඔසුසල් 48 ක් මගින් නිකුත් කෙරේ

කාලීන පුවත්