රුසියාව සහ ඔවුන්ගේ සහය ලබන සෙසු පාර්ශවයන් ප්රකෝපකාරී ප්රකාශ මඟින් යුක්රේනය යුද්ධයකට කැඳවීමට කටයුතු කරන මුත් එම ප්රකාශ වලට ප්රතිචාර නොදක්වන බව යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි කියයි.කෙසේ වෙතත් කොයි මොහොතක හෝ එල්ල විය හැකි රුසියානු ආක්රමණයකට එරෙහිව යුක්රේන ආරක්ෂාව තර කර ඇති බව ද ජනාධිපති වරයා පවසා සිටියි.මේ අතර රුසියානු සහාය ලබන සන්නද්ධ කන්ඩායම් සහ යුක්රේන හමුදා අතර තුන්වන දිනටත් පැවති ගැටුම්වල දී යුක්රේන සෙබළුන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.මේ අතර රුසියාව 1945 වර්ෂයෙන් පසු යුරෝපයේ විශාලතම යුද්ධය සැලසුම් කරමින් සිටින බවට පසුගිය දා බි්රතාන්යය අග්රාමාත්ය බොරිස් ජොන්සන් චෝදනා කළේ ජර්මනියේ මියුනිච් නුවර වාර්ෂික ආරක්ෂක සමුළුවේ දීය. එම ප්රකාශයත් සමඟ සමඟ යුක්රේනයට එල්ල වන රුසියානු ප්රහාරය ලෝක දේශපාලකයේ ද ප්රධාන කතා බහක් බවට පත්ව තිබේ .එමෙන්ම ඉදිරි දින කිහිපය ඇතුලත රුසියාව විසින් යුක්රේනය ආක්රමණය කරනු ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ වාර්තා කර ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කළ ප්රකාශය ද රුසියාවේ පුටින් පාලනය මේ වන විටත් ප්රතික්ෂේප කරමින් සිටියි.