චීනයේ විදුලි ගුවන් යානයක් එහි පළමු ගුවන් ගමන සාර්ථකව නිම කරයි

සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක වන, මගීන් 19 දෙනෙකු රැගෙන යා හැකි චීනයේ නවතම මගී ගුවන් යානය සිය පළමු මිනිසුන් සහිත ගුවන් ගමන සාර්ථකව නිම කර තිබේ.

CE-25A ලෙස නම් කර ඇති මෙම ගුවන් යානය, නොවැම්බර් 14 වැනිදා නැගෙනහිර චීනයේ ෂැන්ඩොං (Shandong) පළාතේ බින්ෂෝ (Binzhou) ප්‍රදේශයේදී සිය පළමු මිනිසුන් සහිත පරීක්ෂණ ගුවන් ගමන සිදුකර ඇති බව චීන මාධ්‍ය වාර්තා කර ඇත.

ටොන් 10ක පමණ උපරිම ගුවන්ගත කිරීමේ බරක් සහිත මෙම යානයේ පළමු පරීක්ෂණ ගුවන් ගමන සඳහා ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ පරීක්ෂණ ඉංජිනේරුවෙකු එක්ව සිට තිබේ.

එම පරීක්ෂණය මිනිත්තු 57යි තත්පර 46ක කාලයක් පැවති අතර, ඉන් මිනිත්තු 16යි තත්පර 38ක් යානය ගුවනේ පියාසර කර තිබේ. එහිදී කිලෝමීටර් 60.4ක දුරක් ආවරණය කර ඇත.

යානයේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පරිදි සිදුවූ බවත්, පරීක්ෂණයේදී අපේක්ෂිත කාර්යසාධන දර්ශක සියල්ල සපුරා ඇති බවත් සංවර්ධන කණ්ඩායම සඳහන් කර තිබේ.

කාලීන පුවත්