චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලිනී අභාවප්‍රාප්ත වෙයි

 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයකු ද වන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ චමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන චන්ද්‍රා මාලිනී රාජපක්ෂ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස මියගොස් ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.චන්ද්‍රා මාලිනී රාජපක්ෂ මහත්මිය හිටපු ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයකු හා හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ මෑණියන් ද වේ.චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට අමතරව වාරිමාර්ග ඇතුළු අමාත්‍ය ධුර කිහිපයක් ද හොබවා ඇති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකි.අභාවප්‍රාප්ත චන්ද්‍රා මාලිනී රාජපක්ෂ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන දිනය, වේලාව සහ ස්ථානය පිළිබඳව ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

කාලීන පුවත්