හිටපු පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් වහාම නිදහස් කරන ලෙසත්, ඔහුට නිසි වෛද්‍ය ප්‍රතිකාර සහ සාධාරණ නීතිමය ක්‍රියාපටිපාටියක් සහතික කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පකිස්ථාන බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.CNN නාලිකාවේ ක්‍රිස්ටියන් අමන්පූර් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ටර්ක්, ඉම්රාන් ඛාන් දිගින් දිගටම රඳවා තබා ගැනීම සහ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළ කළේය.“මම ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමි. ඔහුට නිසි සැලකිල්ල ලබා දෙන ලෙසත්, දේශපාලන ආතතීන් සමනය කරන ලෙසත් ඉල්ලා සිටිමි” යනුවෙන් ටර්ක් පැවසීය.පකිස්ථාන රජය සහ විපක්ෂය අතර පවතින දේශපාලන ගැටුම් සමනය කිරීම සඳහා ඉම්රාන් ඛාන් නිදහස් කිරීම විශ්වාසය ගොඩනැගීමේ පියවරක් විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.එමෙන්ම රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර නීතිමය ප්‍රමිතීන්ට පකිස්ථාන බලධාරීන් ගරු කළ යුතු බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පකිස්ථාන රජය සමඟ අඛණ්ඩව සාකච්ඡා කළ යුතු බවත් ටර්ක් සඳහන් කළේය. 2018 සිට 2022 දක්වා පකිස්ථාන අගමැති ධුරය දැරූ ඉම්රාන් ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට රඳවා තබා ඇති අතර, ඔහුට එරෙහිව නඩු කිහිපයක් පවතී. ඔහු සහ ඔහුගේ පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය එම නඩු දේශපාලන අරමුණු මත පවරා ඇති බවට චෝදනා කරමින් ඒවාට අභියෝග කර තිබේ.ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ රැඳවුම් කොන්දේසි පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ නීතිඥයන් මෑතකදී කනස්සල්ල පළ කර තිබූ අතර, ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලීම් ද ඉදිරිපත් කර තිබිණි. මේ අතර පකිස්ථාන රජය ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බව පවසමින් රැඳවුම් කොන්දේසි සම්බන්ධ චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.