මිනිස්සු මේ පාර්ලිමේන්තුව කුඩු කරයි කතා නායකට එන්න කියන්න

රටේ ප්‍රශ්න වලට විසඳුම් දීමට ක්‍රියා නොකළහොත් ජනතාව මේ පාර්ලිමේන්තුව කුසු පට්ටම් කරනු ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද(06) පාර්ලිමේන්තුවේ දී කීය. එහි දී සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ නො එසේ නම් කතානායකවරයා නිවාස අඩස්සියේ තබා ගැනීමට සිදුවන බවකි.මේ අවස්ථාවේ කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභා ගර්භයට නොපැමිණි අතර ආණ්ඩුවේ මුල් පෙළේ මැති ඇමති වරුන් බොහෝ දෙනෙකු ද සභා ගර්භය තුළ නොදක්නා ලදී.පාර්ලිමේන්තුවේ මුලසුන හොබවන ලද්දේ හේෂා විතානගේ මන්ත්‍රී වරයා විසිනි.

කාලීන පුවත්