අගමැති ඉල්ලා අස් නොවන ලකුණු;අරලිය ගහ මැදුර ඉදිරියේ ගැටුම්

අද(09) දිනයේ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අරලිය ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන ලෙසට ඉල්ලා සිටීමත් සමඟ තමන් ජනතාව වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට පසුබට නොවන බවට ඔහු කළ ප්‍රකාශය මත අග්‍රාමාත්‍ය වරයා තව දුරටත් බලයේ රැඳී සිටීමට අපේක්ෂා කරන බව තහවුරු වන බවත් අග්‍රාමාත්‍ය වරයා අද දිනයේ තනතුරින් ඉල්ලා අස් නොවන්නේ නම් ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, සහ නාලක ගොඩහේවා යන අමාත්‍ය වරුන් තම තනතුරු වලින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවත් පැවසෙයි.

ඒ සම්බන්ධ ආරංචි මාර්ග තහවුරු කරනුයේ අද අරලිය ගහ මන්දිරයට රැස් වූ පිරිස අතරේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  , මොරටු පුරපති සමන් ලාල් ප්‍රනාන්දු ආදීන් විසින් ගෙන්වන ලද අතිරේක පිරිස් සිටින අතර ඔවුන් මේ වන විට අරලිය ගහ මන්දිරය ඉදිරියේ මයිනාගෝගම පරිශ්‍රයේ අගමැති වරයාට ඉවත් වන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කරන්නවුන් සමඟ ගැටුමක් නිර්මාණය කර ගැනීමට වෙර දරන බවත් ය. එමෙන්ම අද අරලිය ගහ මන්දිරයේ එම හමුවීම සේම එය ඉදිරිපිට පවත්නා ගැටුම්කාරී තත්වය තව දුරටත් බලයේ රැඳී සිටීම පිණිස අගමැති වරයා විසින්ම කල් ඇතිව සැලසුම් කරන ලද්දක් බවත් මයිනාගෝගම උද්ඝෝෂකයෝ කියති.

කාලීන පුවත්