මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.මෙම අනතුරු ඇඟවීම අද (21) පෙරවරු 5.00 සිට හෙට (22) පෙරවරු 5.00 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.
ඒ අනුව, දෙවැනි මට්ටමේ (ඇම්බර්) නායයාමේ අනතුරු ඇඟවීම් මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල යන ප්‍රදේශ සඳහා නිකුත් කර තිබෙනවා.එම ප්‍රදේශවල ජනතාවට නායයාමේ අවදානම පිළිබඳව විශේෂ අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.
මේ අතර, පළමු මට්ටමේ (කහ) නායයාමේ අනතුරු ඇඟවීම් මහනුවර දිස්ත්‍රික්කයේ හතරලියද්ද, තුම්පනේ, පස්බාගේ කෝරලේ, ගඟවට කෝරලේ සහ මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරලේ යන ප්‍රදේශ සඳහා නිකුත් කර තිබේ.කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, රඹුක්කන සහ අරණායක යන ප්‍රදේශ ද පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ අතරට අයත්.
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ නායයාම්, පස් කඳු කඩාවැටීම් සහ භූමියේ ඇතිවන අසාමාන්‍ය වෙනස්කම් පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, අදාළ බලධාරීන් ලබාදෙන ආරක්ෂක උපදෙස් අනුගමනය කරන ලෙසත් ජනතාවට දැනුම් දෙයි.