නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාසල් මට්ටමෙන් දැනුවත් කිරීම ඊයේ (19) සිට ආරම්භ කර ඇත.අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, පාසල් මට්ටමේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම ආරම්භ වන බවයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ මූලික අවබෝධයක් ලබාදීම මෙන්ම, ඒ පිළිබඳ වැඩිදුර අවබෝධයක් ලබාගැනීම සඳහා පරිශීලනය කළ යුතු නෛතික ලේඛන සහ දැනුවත් වීමේ ක්‍රමවේද හඳුන්වාදීම එහිදි සිදු කරයි.
ඒ සඳහා අවශ්‍ය සියලු ඉගෙනුම් ආධාරක මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සියලු විදුහල්පතිවරුන් වෙත ලබා දීමට ද කටයුතු කර ඇතැයි , අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.