ප්‍රධාන නගර 5ක වායු ගුණාත්මකභාවය පහළට

දිවයිනේ ප්‍රධාන නගර 05ක වායු ගුණාත්මකභාවය අදත් පහළ ගොස් තිබේ.මධ්‍යම පරිසර අධිකාරිය ඊයේ (19)  නිකුත් කළ දත්ත අනුව වායු ගුණාත්මක දර්ශකය අඩුම නගරය වන්නේ යාපනයයි.

එම අගය 166 ක්.කොළඹ, හලාවත, අනුරාධපුර, ත්‍රිකුණාමලය සහ කිලිනොච්චි නගරවල වායු ගුණාත්මකභාවය ද පවතින්නේ පහළ අගයකයි.එය සෞඛ්‍යය අහිතකර තත්ත්වයක් බව , මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි.

පවතින තත්ත්වය තුළ අවධානම් කාණ්ඩවල පුද්ගලයින් මුව ආවරණ පැළදීම සුදුසු බව, මධ්‍යම පරිසර අධිකාරිය දැනුම් දෙයි.බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය සමග ඇතිවන සුළං ප්‍රවාහය මෙම තත්ත්වයට හේතුවයි.

කාලීන පුවත්