ලබන සඳුදා දුම්රියන් ධාවනය ගැන දැනුම් දීමක්

එළඹෙන නොවැම්බර් 30 වන සඳුදා දින සියලුම දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය වන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.දුම්රිය සාමාන්‍යාධිකාරී වෙනුවට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ. ඉන්දිපොලගේ මහතා විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කළ නිල ලිපියක් මගින් මේ බව දැනුම් දී ඇත.

2027 අයවැය මගින් ප්‍රමාණවත් දීමනා ලබා නොදීමට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති රැසක් එදින වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර ඇත.කෙසේ වෙතත්, එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට කිසිදු බාධාවක් ඇති නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

කාලීන පුවත්