බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව අද (18) මධ්‍යම රාත්‍රියේ සිට දින පහක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතියේ තාක්ෂණික යාවත්කාලීන කිරීමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.ඒ අනුව අද (18) මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් 23 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු අත්හිටුවනු ඇත.මෙම අත්හිටුවීම සාමාන්‍ය කාර්යාල මඟින් සිදුකරන බලපත්‍ර නිකුත් කිරීම්වලට මෙන්ම මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ බලපත්‍ර ලබාගැනීමේ පහසුකමට ද බලපාන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ඒ අනුව www.motortraffic.wp.gov.lk නිල වෙබ් අඩවිය ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ සේවාව ද නොවැම්බර් 23 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා තාවකාලිකව අක්‍රියව පවතිනු ඇත.කෙසේ වෙතත්, මෙම සේවා අත්හිටුවීමේ කාලසීමාව තුළ ආදායම් බලපත්‍ර අලුත් කිරීමට නියමිතව තිබූ වාහන හිමියන්ට සහනයක් සැලසීමට ද පියවර ගෙන තිබේ.ඒ අනුව එම කාලසීමාව තුළ බලපත්‍ර ලබාගැනීමට නියමිතව තිබූ සියලුම වාහන සඳහා කිසිදු ප්‍රමාද දඩ මුදලක් අය නොකර නොවැම්බර් 25 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය තුළ ආදායම් බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව සලසා දී ඇත.එබැවින් බස්නාහිර පළාතේ වාහන හිමියන් තම ආදායම් බලපත්‍රවල කල් ඉකුත්වන දිනය පිළිබඳ අවධානය යොමු කරමින්, අදාළ දඩ රහිත සහන කාලය තුළ බලපත්‍ර අලුත් කරගැනීමට කටයුතු කළ යුතු බව දැනුම් දී තිබේ.