බෙංගාල බොක්කේ පීඩන අවපාතය නිසා කාලගුණයෙන් ධීවර සහ නාවික ප්‍රජාවට රතු එළියක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.

පීඩන අවපාතයේ බලපෑම හේතුවෙන් ක්ෂණිකව වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙයි.

ඒ හේතුවෙන් කංකසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස ද වැඩිදුරටත් කාලගුණ දැනුවත් කෙරෙයි.

එම මුහුදු ප්‍රදේශවල සිටින ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන පිරිස් ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසට ද දැනුවත් කෙරෙයි.

කාලීන පුවත්