සුනඛ හදවත් පවා වටහා ගත් දෙවන එලිසබෙත් මහා රාජිනිය

eli

දෙවන එලිසබෙත් රැජින සතුන්ට විශේෂයෙන් සුනඛයන්ට අසීමිතව ආදරය කළ ශ්‍රේෂ්ඨ වනිතාවකි. ළමා වියේ සිට සුනඛයන් ගේ ඇසුර කෙරෙහි මහත් ඇල්මක් දැක් වූ ඇයට එනිසාම සුනඛයන්ගේ සිතැඟි වටහා ගැනීමේ පවා සුවිශේෂ හැකියාවක් තිබූ බව ද පැවසෙයි.තම රාජකීය සංචාරයක දී වුව අහම්බෙන් හෝ සුනඛයකු නෙත ගැටුණ හොත් ඒ කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමේ අපූරු සිරිතක් ඇය තුළ තිබිණ.වියපත් බවත් සමඟ එළැඹි අයහපත් සෞඛ්‍ය තත්වය මත ගිම්හානයේ විවේක සුවය සඳහා ඇය සතු ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගය වෙත යන විට ද තම තනි නොතනිය සඳහා තම සුනඛ සුරතලුන් සිව් දෙනකු කැටුව යාමට අමතක නොකළ රැජින තම අවසන් දින කීපය තෙක්ම ඔවුන් ඇසුරේ සිටි බව කියනු ලැබේ.

රැජින ගේ අභාවයෙන් පසු එම සුනඛයන් සිව් දෙනා නැවත ලන්ඩනයේ බකින්හැම් මාලිගය වෙත ගෙනවුත් තිබේ.මේ සමඟ අප රැජින ළමා වියේ සිට සුනඛයන් සුරතල් කළ ඡායාරූප දහස් ගණනකින් කිහිපයක් පමණක් ඔබ වෙත ඉදිරිපත් කරනුයේ සුනඛ ලෝලීත්වය මිනිස් සමාජයේ කෙතරම් ඉහළ තලයන් තෙක් පැතිර තිබේද?යන්න තව දුරටත් තහවුරු කරනු පිණිස ය.

දමයන්ති ගමගේ

සතුන්ටත් හිමි අපේ ලෝකය