21ට කැබිනට් අනුමැතිය අධිකරණ ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස කැබිනට් මණ්ඩලය ඊයේ(20) පස්වරුවේ අනුමැතිය ලබා දී තිබේ. දැනට බලාත්මක විසි වැනි සංශෝධනයේ අහිතකර වගන්ති ඉවත් කොට දහ නවවැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයේ සාධනීය කරුණු යාවත්කාලීන කිරීම නව පනත් කෙටුම්පත මගින් සිදු කරනු ඇත.