අද (23)රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය ජූලි 13 වනදා පොල්දූව මංසන්ධිය අසළ පැවති විරෝධතාවයේදී අතුරුදන්වූ ස්වයංක්‍රීය ගිනි අවි දෙක මේ වන තෙක්ම අතුරුදහන්ව පවතිනබවට හා අදාළ ගිනි අවි දෙක මේ වන විට කා සතුව පවතින බව නොදන්නා බවට කළ ප්‍රකාශය හා මීට පෙර පොලීසිය කළ ප්‍රකාශයක් අතර පරස්පරතාවක් හටගෙන තිබේ. ඒ අතුරුදන් වූ බව කියන අදාළ ටී56 ගිනි අවි දෙකෙන් ඒකක් හිස් මැගසිනයක් සමගින් රාජගිරිය ප්‍රදේශයේ දියවන්නා වැවේ සමනල පාලම අසළින් සොයාගත් බව පසුගිය ජූලි 25 වනදා පොලීසිය නිවේදනය කොට ඇති බැවිනි..පාර්ලිමේන්තුව දෙසට ඇති මෙම පාලම අසළ නාවික හමුදා කිහිදුම්කරුවන් විසින් එම ස්ථානයේ කිමිදී මෙම ගිනි අවිය හා මැගසිනය සොයාගෙන ඇති බවත් අනතුරුව නාවික හමුදාව විසින් අදාළ ගිනි අවිය හා හිස් මැගසිනය වැලිකඩ පොලීසිය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදුන් බව පොලීසිය නිවේදනය කොට තිබිණ.