හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව යටතේ සිදු කොට ඇත්තේ සිර දඬුවම අහෝසි කිරීමක් බවත් වසර හතක් යනතුරු මැතිවරණයකට තරඟ කළ නොහැකි නමුත් අවශ්‍ය අවස්ථාවකදී මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට ඉඩ ලබාදිය හැකි බවත් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.මීට පෙර සරත් ෆොන්සේකා මහතාට ද ජනාධිපති සමාව පූර්ණ වශයෙන් ලබා දුන්නේ අවස්ථා දෙකකදී බවත් මුල් අවස්ථාවේ දඬුවම අහෝසි කොට අනතුරුව පූර්ණ නිදහස ලබා දුන් බවත් පැවසූ අමාත්‍යවරයා රන්ජන් රාමනායක මහතාට ද එසේ සිදුවිය හැකි බව වැඩි දුරටත් කීය.