මින්නේරි වන අලි ජාතික වනෝද්‍යානය හැර ගිහින්

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සිටි 300 ක් පමණ වන අලින් මේ වන විට එම භූමි කලාපය තුළ දක්නට නොලැබෙන බව වාර්තා වෙයි.ආහාර, ජලය ඇතුළු වාසය සඳහා සුදුසු පාරිසරික සාධක අහිමිවීම හේතුවෙන් මෙම අලි රංචු ඉන් පිටවී වෙනත් ප්‍රදේශ වෙතට පර්යටනය වී ඇති බව පවසන පරිසරවේදීහු එම තෘණ භූමි යම් කාලසීමාවක දී ජලයෙන් යටවීම හේතුවෙන් ආහාර හිඟවීම පාරිසරික හේතු හා ඇතුලු සහ වෙනත් තාඩන පීඩන ඔවුන් වෙනත් ප්‍රදේශයකට පර්යටනය වන්නට හේතු වන්නට ඇතැයි පෙන්වා දෙති.මෙම තත්වය යටතේ මින්නේරිය ජාතික වනෝද්‍යානය වෙත තිබූ දෙස් විදෙස් සංචාරක ආකර්ශනය අඩු වීමේ අවදානමක් පවතින බව ද ඔව්හු වැඩිදුරටත් පෙන්වා දෙති.

කාලීන පුවත්