දෙහිවල සත්තු වත්තේ “කෙල්ල”මියයයි

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි “කෙල්ල” නැමති ව්‍යාඝ්‍ර ධේනුව මියගොස් ඇත. අකිරා, ඩුමා සහ ලියෝ නම් ලද බෙංගාල ව්‍යාඝ්‍ර පැටවුන්ට ඉකුත් මාර්තු 05 වන දින උපත දුන් එම ව්‍යාඝ්‍ර ධේනුව බෙල්ලේ ඇතිවූ දරුණු පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි බව දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසීය.චීනයේ ෂියැංජින් සෆාරි උද්‍යානයෙන් සත්ත්ව හුවමාරු වැඩසටහනක් ඔස්සේ 2008 වසරේ දී ශ්‍රී ලංකාවේ දෙහිවල සත්වෝද්‍යානයට මෙම ව්‍යාඝ්‍ර ධේනුව රැගෙන විත් තිබිණි.සත්වෝද්‍යානයේ පශුවෛද්‍යවරුන් සහ සත්ව අංශයේ කාර්ය මණ්ඩලයෙන් ප්‍රතිකාර ලබමින් සිටි අතර වූ ඇය මිය යන විට වයස අවුරුදු 15 කි.

කාලීන පුවත්