ඇතැම් පන්සල් වල විදුලි බිල ඉහළ නඟින්නේ ශාසනික කටයුතු නිසා නොවේ

ඇතැම් පන්සල් වල විදුලි බිල ඉහළ නඟින්නේ ශාසනික කටයුතු නිසා නොවේ සැදැහැවතුන් සඳහා වන ශාසනික සේවා වෙනුවෙන් විහාරස්ථාන වලට මාසිකව විශාල විදුලි බිලක් ගෙවීමට සිදුවන බවට ඇතැම් භික්ෂූන් වහන්සේලා මාධ්‍ය මඟින් විශාල හඬක් නැංවුව ද ඇතැම් විහාරස්ථාන වලට එසේ ඉහළ විදුලි බිලක් ගෙවීමට සිදුවනුයේ සංඝාවාස වල ඇති වායු සමීකරණ,ශීතකරණ,විදුලි පංකා,නාන කාමර වලට උනු පැන් සපයා ගැනීමේ පහසුකම් සඳහා මෙන්ම විහාරාරාම අධික ලෙස ආලෝකමත් කිරීම නිසා බව ඒ සම්බන්ධ ස්ථානීය සමීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනුයේ සමස්ත රට තුළ ඇති ආගමික ස්ථාන 48,500 ක පමණ සංඛ්‍යාවෙන් සියයට 75 ක් පමණ ඒකක 180 කට අඩු විදුලි පරිභෝජනයක් ඇති ඒවා බවත් සියයට 25 ක් පමණ වන කොටසක් විශාල පරිභෝජනයක් ඇති ස්ථාන ගැටලුවක් බවට පත්ව ඇති බවත් ය.එක් විහාරස්ථානයක් සඳහා පසුගිය මස විදුලි බිල රුපියල් 80,000 ක් යැයි පැමිණිල්ලක් යොමු වී ඇති බව කී රත්නායක මහතා කොළඹ 7 පිහිටි කාමර 35 කින් යුත් සිය හෝටලයේ මාසික විදුලි පරිභෝජනය ඊට අඩු බව ද රත්නායක මහතා වැඩි දුරටත් කීය.

කාලීන පුවත්