මේ ඡන්දෙන් පොදුජන පෙරමුණට 10%කට වඩා ගන්න බැහැ

මෙවර පලාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 10%කට වඩා ඡන්ද ප්‍රතිශතයක් නොලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියයි “මේ මැතිවරණයෙන් 10% වඩා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද ලැබෙන්නේ නෑ. ලැබීම වැළැක්වීමත් අපේ ජාතික වගකීමක්. අමාරුවෙන් අනුන්ගේ කරේ එල්ලිලා පාර්ලිමේන්තුවට එන මහින්ද රාජපක්ෂ මහත්මයා, චමල් මහත්තයා ඇතුළු ඒ රාජපක්ෂ පරම්පරාවේ දේශපාලනය මේ 09 වෙනිදාට අවසානයක් කිරීම අප සියලු දෙනාගේම වගකීම. නව දේශපාලනය ගොඩනගන්න අලුත් කට්ටියත් ඕනේ. පළපුරුදු පිරිසකුත් ඕනේ. පළාත් පාලන ආයතන ගෙනියන්න වෙන්නේ අපේ ස්වශක්තියෙන්”මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කීය.

කාලීන පුවත්