ඡන්දෙ දෙන්න ලබන අවුරුද්ද වෙනකම් ඉන්න

දැනට රට මුහුණ පා ඇති තත්වය අනුව පළමු කොට ආර්ථික ගැටලු හමාර කළ යුතු බැවින් එතෙක් වනතුරු ඉවසා සිටින ලෙසත් ලබන වසරේ (2024) ජනතාවගේ ඡන්ද අයිතිය අනුව සුදුසු අය තෝරන්නට ඡන්ද ප්‍රකාශ කරන්නට අවස්ථාව උදා කර ගත හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.ඒ ඊයේ (18) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවති රොටරි දිස්ත්‍රික් අංක 3220 විසින් සංවිධානය කරන ලද අමතමිනි. ආර්ථිකය යළි ප්‍රකෘතිමත්වීමත් සමග ලබන වසරේ දී තම ඡන්දය භාවිතා කර, රටේ සිදුකළ යුතු වෙනස්කම් සහ තමන්ට අවශ්‍ය අනාගතය නිර්මාණය කර ගැනීමට අවැසි පසුබිම ජනතාවට සකස් වනු ඇති බව ජනාධිපති වරයා කීය.රටේ ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා මේ වසර අවසන් වීමට පෙර රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රියව ක්‍රියාත්මක වන සමාජයක් ගොඩනඟන බවට ද සහතික විය.එමෙන්ම මෙම කතාවේ දී ලබන මාර්තුවේ පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණය ගැන ජනපති වරයා කිසිවක් නොපැවසීම ද විශේෂත්වයකි.

කාලීන පුවත්