මැතිවරණය ලබා දෙන තුරු ජන අරගල සිදු කරනවා

ඉදිරි පලාත් පාලන මැතිවරණය වැළැක්වුවහොත් මැතිවරණය ලබා දෙන තුරුම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාමකාමී ජන අරගලයක් සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය විසින් මාතර කඹුරුපිටියේදී සංවිධානය කළ ජන හමුවකට එක් වෙමින් විපක්ෂ නායක වරයා මේ බව සඳහන් කොට තිබේ.එහි දී විපක්ෂ නායක වරයා සඳහන් කළේ රට විනාශ කළ රාජපක්ෂලා ජනතා අරගලයකින් එලවා දැමුවත් ඉන්පසුව පත් වූ රාජපක්ෂ හෙවනැලි ආණ්ඩුව සහ රාජපක්ෂලාගේ රූකඩයක් වූ ජනාධිපතිවරයා තව දුරටත් රට විනාශ මුඛයට ඇදගෙන ගිය බවකි.

කාලීන පුවත්