“යකඩ යකා”ට පොලිස් ආරක්ෂාව

දුම්රිය සේවාව බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ආරක්ෂාව සපයන මෙන් පොලිස් පති ඩී.සී වික්‍රමරත්න මහතා විසින් සියළුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.පොලිස් පති වරයා ඒ සම්බන්ධයෙන් නිකුත් කොට ඇති නිවේදනය මෙලෙසිනි.                                           දුම්රිය සේවාව බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයීම
දිවයින තුළ අත්‍යවශ්‍ය සේවාවන් හරියාකාරව පවත්වා ගැනීම සඳහා සහ ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩව දුම්රිය සේවාව පවත්වාගෙන යාමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය පියවර ගෙන ඇත.ඇතැම් පිරිස් විසින් දුම්රිය ධාවනය කඩාකප්පල් කිරීම සඳහා සැලසුම් කරන බවට සහ අඛණ්ඩ දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට බාධා කිරීම සඳහ සූදානම් වන බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත.දිවයින තුළ මහජන සාමය පවත්වාගෙන යාමටත් කඩාකප්පල් ක්‍රියා වැලැක්වීමටත් අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රී ලංකා පොලිසිය පරම වගකීම වන අතර ඒ අනුව කොට්ඨාශ භාර නිලධාරීන් විසින් තම කොට්ඨාශ බල ප්‍රදේශය තුළ කිසිම සිදුවීමක් සිදු නොවන ආකාරයට ක්‍රියා කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කළ යුතුය.වැඩිමනත් වශයෙන් සියලුම මුපොප / ස්ථානාධිපතිවරුන් විසින් පහත ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවට උපදෙස් ලබා දී අවශ්‍ය පහසුකම් සැලසීම සහ අධීක්ෂණය කිරීම සිදුකළ යුතුය.
1. සෑම දුම්රිය ස්ථානයක් ම ආවරණය වන පරිදි ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීම සහ ප්‍රධාන දුම්රිය ස්ථාන වලට වගකිවයුතු පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙකු සමග නිලධාරී කණ්ඩායම් යෙදවීම.
2. දුම්රිය මාර්ග වල කඩාකප්පල්කාරී ක්‍රියා වැලැක්වීම සඳහා මුරසංචාර යෙදවීම සහ හැකි සෑම අවස්ථාවකදී ම දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඒකාබද්ධව දුම්රිය මාර්ගවල සංචාර සිදු කිරීම.
3. සේවයට වාර්තා කරන දුම්රිය සේවකයන් රාජකාරි වාර්තා කිරීම රාජකාරි යෙදී සිටීම සහ රාජකාරියෙන් බැහැරව වන අවස්ථාවලදී ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.
4. දුම්රිය ධාවනය වන අවස්ථාවේදී එයට බාධා කිරීම සඳහා ගල් ගැසීම හෝ වෙනත් කඩාකප්පල් ක්‍රියා සිදුවීම වැළැක්වීම සඳහා සුදුසු ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.
මෙම වැඩපිළිවෙළ අද දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කළයුතු අතර සෑම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින්ම තම බල ප්‍රදේශය තුළ දුම්රිය මාර්ග පවත්නා කොට්ඨාස වෙත ප්‍රමාණවත් නිලධාරීන් කණ්ඩායම් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.                                                                                                                                                                                                                     සී. ඩී. වික්‍රමරත්න පොලිස් පති

කාලීන පුවත්