ජනතාව යළි “කෑම” අරඹයි

අප ජන සමාජයේ ආහාර පරිභෝජන රටාවේ සැලකිය යුතු ප්‍රවර්ධනයක් සිදු වෙමින් පවතින බව කොළඹ පිටකොටුවේ තොග වෙළඳ ප්‍රජාව මඟින් ලැබෙන අලුත්ම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ඔවුන් මෙසේ ප්‍රකාශ කරනුයේ මේ වන විට රට පුරා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ යාන්ත්‍රණය කෙමෙන් සවිමත් වන පසුබිමක් තුළ ය.මෙම ජනතාවගේ ආහාර පරිභෝජන රටාව ඉදිරි සති දෙක තුළ තවත් ප්‍රවර්ධනයක් දැකිය හැකි වනු ඇතැයි එම ආරංචි මාර්ග තව දුරටත් තහවුරු කරයි.ඒ අනුව අමතර ආහාර පරිභෝජනය ද සැලකිය යුතු ලෙස ඉහළ නැංවෙනු ඇතැයි ඔව්හු අපේක්ෂා කරති. 2022 වසරේ රට තුළ ආර්ථික අර්බුදය උත්සන්න වීමත් සමඟ රටේ ජනගහනයෙන් සියයට 86 ක් ආහාර සඳහා යොදා ගන්නා අයිතමයන්ගේ ප්‍රමාණය අඩු කර ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය මඟින්මෑතකදී සිදුකළ පර්යේෂණ කිහිපයක වාර්තා වල සඳහන් වෙයි. එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ 2022 ඔක්තෝම්බර් මාසය වනවිට රටේ ජනගහනයෙන් මිලියන 2.26 අමතර ආහාර පරිභෝජනය නවතා තිබූ බවයි.

කාලීන පුවත්