අපොස සාමාන්‍ය පෙළ විභාගය කල්යයි

2023 මැයි මස 15 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කල් ‍යන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම විභාගය සති දෙකකින් කල්දමා ඇති අතර ඒ අනුව එය මැයි 29 වනදා ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

පසුගියදා පැවැති උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරීමට මේ දක්වා නොහැකි වීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය කල්දමා ඇති බව වාර්තා වෙයි.

කාලීන පුවත්