ජනපති මැදුර සහ ලේකම් කාර්යාලය මාදිවෙලට;ලේකම් කාර්යාලය ගෝඨාගේ ජාතික සඳුන් උයනට

රාජ්‍යාරක්ෂක ක්‍රමෝපායක් වශයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ආසන්නයට රැගෙන යාමේ සැලසුමක් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන් රජයේ ඉහළ පෙළේ ප්‍රභූන්ගේ අවධානය යොමු වී ඇත.ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ රුපියල් මිලියන තුන්සියයක වියදමින් මාදිවෙල ජාතික සඳුන් උයන පිහිටි අක්කර 9 ක භූමි භාගය ජනාධිපති කාර්යාලය ඉදිකිරීමටත් මාදිවෙල කුරුලු උයන සංකීර්ණය ඉදිකිරීමට යෝජිත අක්කර 38 ක භූමිය ජනාධිපති මන්දිරය ඉදිකිරීමටත් බලධාරීන් ගේ අවධානය යොමු වී ඇත.වියළි බිම් සඳහා සුදුසු සඳුන් ශාක දහසකට වැඩි ප්‍රමාණයක් රෝපණය කරමින් දියවන්නා තෙත් බිම ආශ්‍රිත ජාතික සඳුන් උයන ව්‍යාපෘතිය 2021 වසරේ ජූලි මස 20 වන දා එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත වූයේ එය පාරිසරික වශයෙන් කෙසේවත් නොගැළපෙන්නක් බවට පරිසරවේදීන් නඟන චෝදනා සහ දෝෂාරෝපණ මැද්දේ ය.පසුව එය අනුරාධපුරයේ ඥානක්කා හෙවත් වර්ණසූරිය මුදියන්සේලාගේ ඥානවතී නම් කාන්තාව ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ආරක්ෂාව පිණිස දුන් ගුප්ත උපදේශයක් මත ඉදි කරන ලද්දක් බව ප්‍රකට විය.එමඟින් ඔහුට ලැබුණු ආරක්ෂාව කෙසේ වුවත් ඔහු අරගල කරුවන්ට බියෙන් පෑළ දොරින් පලා යන අතරේ අරගල කරුවන්කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට කඩා වැදීම නිසා එම මන්දිරයේ සැලැස්ම ඡායාරූප සහ වීඩියෝ ආදී ක්‍රම මඟින් බාහිර පුද්ගලයන් අතට පත් වීම රාජ්‍යාරක්ෂාවට පවා තර්ජනයක් වී ඇති බව ආරක්ෂක ප්‍රධානීන් මේ වන විට පෙන්වා දී තිබේ.

කාලීන පුවත්