වික්ටෝරියා ජලාශයත් 35% තෙක් පහළ බසී

පවත්නා වියළි කාලගුණික තත්වය මත වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 35% දක්වා පහත බැස තිබීම හේතුවෙන් ජල විදුලි නිශ්පාදනයට බරපතල බාධා එල්ල වී තිබේ ඒ අනුව කාර්යබහුල වේලාවන්හි දී පමණක් රාත්‍රී කාලයේ ගිගාවොට් පැයක පමණ විදුලි බලයක් එම බලාගාරයෙන් නිෂ්පාදනය කෙරෙන බව වාර්තා වෙයි.පවත්නා තත්වය යටතේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම අභියෝගාත්මක කාරියක් වනු ඇතැයි විදුලි බලමණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරන අතර බොහෝ ජලාශයන්හි ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යාමෙන් පවතින නිසා කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සැපයීම ද අවදානම් සහගත තත්ත්වයට පැමිණෙමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා ද පවසයි.

කාලීන පුවත්