මගේ ලයිට් බිලක් ගැන බොරු කියන අයට එරෙහිව නීතිය හමුවට යනවා

තමන්ට විදුලි බිලක් ගෙවීමට ඇති බව පවසමින් අසත්‍ය ප්‍රචාර දියත් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.එමෙන්ම තමන් විසින් විදුලිබල මණ්ඩලයට ලියූ ලිපියට ද මේ වන තෙක් ප්‍රතිචාරයක් නොලැබුණ බව ඔහු සඳහන් කරයි.නමුදු ඔහු විසින් ලංකා විදුලි බල මණ්ඩලයට යොමු කළ ලිපියක් මෙතෙක් මාධ්‍ය වෙත නිකුත් වී නොමැති අතර ඔහු ගේ සම්බන්ධීකරණ ලේකම් වරයකු වශයෙන් හඳුන්වා ගන්නා පුද්ගලයකු ගේ ලිපියක් පමණක් මාධ්‍යයට ලැබී නැත.සාමන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු සමීපයේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් නිල තනතුරක් නොතිබීම ද විශේෂත්වයකි.

කාලීන පුවත්