විමල් ගේ අයථා වත්කම් නඩුවේ වාචික දේශන ඉල්ලයි

2009 ජනවාරි මස පළමුවැනිදාත් 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාල සීමාව තුළ අමාත්‍ය වරයකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායමට වඩා රුපියල් මිලියන 75 කට අධික මුදල් සහ වත්කම් උපයා ගත් බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශට මහතාට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි බවට විමල් වීරවංශ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ මුලික විරෝධතාව සම්බන්ධයෙන් ඔක්තෝම්බර් 27 වැනිදා වාචික දේශන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද(09) නියම කළේය.සිය ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනතේ විග්‍රහ කෙරෙන ‘දුෂණය’ නමින් හඳුන්වන අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කොට ඇති බව ද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණි.

කාලීන පුවත්