උද්දික ගේ රියට අනුරපුරයේ දී වෙඩි

ජාතික නිදහස් පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් කළ මෝටර් රියට කිසියම් පිරිසක් අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ඔහුගේ පියාගේ නිවෙස අසලදී වෙඩි තබා පලා ගෙස් ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ඒ මොහොතේම ඒ ස්ථානයට ගොස් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළ අතර එම වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවකුටත් අනතුරක්වී නැතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු වන අතර මෑතක සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන උද්දික ප්‍රේමරත්න මහතා හාමුලාගේ සහ පියාගෙන් පුතුට බලය පැවරෙන දේශපාලනයත් වියපත් පුද්ගලයන් වෙතට බලය පැවරෙන දේශපාලනයත් නිමා කොට යාන්ත්‍රණයක් හෙවත් සිස්ටම් එකකට බලය පැවරෙන දේශපාලනමය යුගයක් උදා කර ගැනීම වෙනුවෙන් තමන් තනිවම හෝ සටන් වදින බව පාර්ලිමේන්තුවේ දී කීය.ඔහුගේ ඒ ප්‍රකාශය සමාජ ජාලා මඟින් ද විශාල පිරිසකගේ අවධානයට යොමු විය.මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන්අනුරාධපුර මූලස්ථාන පොලීසිය  වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

කාලීන පුවත්